Monday, May 6, 2024

General line - 0115112241

යාපනයේ පංච පුද්ගල මනුෂ්‍ය ඝාතනය සිදු කල සැකකරු සොයා පුළුල් පරීක්ෂණ

මාධව කුලසූරිය




යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු සොයා මේවනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

මෙම ඝාතනය සිදු වීමෙන් අනතුරුව සැකකරුවන්ට ඩෙල්ෆ් දූපතෙන් පිටව යාමට නොහැකි වන පරිදි  දූපතේ සිට යාපනය දක්වා ක්‍රියාත්මත බෝට්ටු සේවාවද තාවකාලිකව නවතා මෙම සැකකරු සොයා පරීක්ෂණ මෙහෙයවන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඩෙල්ෆ් දූපතේ ප්‍රදේශවාසීන් ඊයේ පස්වරුවේ විරෝධතාවකද නිරත වී තිබෙනවා.