Tuesday, May 7, 2024

General line - 0115112241

බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්




ඝාතන සිද්ධියකට අදාළ නඩු කටයුත්තකින් පසු යළි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටි බාලවයස්කාර රැඳවියන්ට අතරමගදී භාණ්ඩ ලබාදීමේ සිද්ධියකට අදාළව බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඉකුත් පෙබරවාරි මාසයේදී යතුරු පැදි හෙල්මට්වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු  පාසල් ළමුන් තිදෙනා ඉකුත් 18 වනදා මතුගම අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

ඉන් අනතුරුව මාකොල පිහිටි ළමා නිවාසය වෙත බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු භාරයේ මෙම ළමුන් තිදෙනා රැගෙන යන අතරතුරදීයි  මෙලෙස අදාළ වෑන් රථය නවත්වා බඩු භාණ්ඩ ලබාදී ඇත්තේ.

ඒ අනුව අදාළ අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනා වැඩතහනමට ලක් කළ බවයි බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්  චන්දන ඒකනායක සඳහන් කළේ.