Monday, May 6, 2024

General line - 0115112241

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතට සජබ යෙන් අලුත් නමක්




යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත හැඳින්වෙන නම වෙනස් කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න සඳහන් කළේ එය හැඳින්වෙන ආකාරය රාජ්‍ය ත්‍රස්තවාදී පනත ලෙස එය වෙනස් කළ යුතු බවයි. 

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ද මෙලෙස අදහස් පළ කළා.