Tuesday, May 14, 2024

General line - 0115112241

මහජන ප්‍රසාදය ඇත්නම් මර්දන පනත් මොකටද? සජබ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි




ආණ්ඩුවට මහජන ප්‍රසාදයක් ඇත්නම් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාවන ආකාරයේ අණපනත් ගෙන එන්නේ ඇයිද යන්න ගැටළු සහගත බව සමගි ජනබලවේගය පවසනවා.

එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ ආණ්ඩුව විසින් ගෙන එන ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව සිය පක්‍ෂය පාර්ලිමේන්තුවේදි ඡන්දය ප්‍රකාශ කරන බවයි. 

අපොස උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව අනිවාර්ය සේවාවක් කරන බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් එහිදි පළ කළා.

මේ අතර අපොස උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව කල්යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංගද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.