Saturday, May 11, 2024

General line - 0115112241

හිටපු නීතිපතිගේ පෙත්සමකට අභියාචනාධිකරණයෙන් නියෝගයක්




හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත් අඩංගුවට ගැනීම සහ නීතිපතිවරයා වශයෙන් සිදු කල කටයුතු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් වෙත අතුරු නියෝග  නිකුත් කලා.

ඒ, හිටපු නිතිපතිවරයා විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම අතුරු නියෝග නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ පිළිබඳ තවත් තොරතුරු සවස 6 යි 45 නෙත් නිවුස් ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.