Sunday, May 12, 2024

General line - 0115112241

ගැටුම්වලට මැදිව ඊජිප්තු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු සුඩානයේදී මිය යයි




සුඩානයේ පවතින ගැටුම් හමුවේ ඊජිප්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මිය ගොස් තිබෙනවා.

ඊජිප්තුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සුඩානයේ කාටුම් අගනුවර පිහිටි සිය තානාපති කාර්යාලයේ සහකාර පරිපාලන අනුයුක්ත නිලධාරියෙකු එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

ගැටුම් හේතුවෙන් සුඩානයේ සිරවී සිටින ඊජිප්තු වැසියන් මුදාගැනීම සඳහා හඳුන්වා දී තිබෙන ක්‍රියාපටිපාටිය අනුගමනය කිරිම සඳහා තානාපති කාර්යාලය වෙත රිය පදවාගෙන යමින් සිටියදී ඔහු ප්‍රහාරයකට ලක්ව ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් ඊජිප්තුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අදාළ ඊජිප්තු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ඝාතනයට ලක්ව ඇති බව සුඩාන හමුදාව ද තහවුරු කර තිබෙනවා.

සුඩාන හමුදාව නිවේදනය කර ඇත්තේ අතුරු හමුදා කණ්ඩායම් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හමුවේ එම ඊජිප්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මිය ගොස් ඇති බවයි.