Sunday, May 12, 2024

General line - 0115112241

හිටපු ජනපති මෛත්‍රීට කතෝලික සභාවෙන් උත්තර




පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බලධාරීන් සතු වගකීමක් බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

එම පරීක්ෂණ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සිරිල් ගාමිණී පියතුමන් මේ බව කියා සිටියා.

පාස්කු ප්‍රහාරයට අදාළව තමන් සිරගත කිරීමට ඇතැමුන් අපේක්ෂා කරන බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.


කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් දැක්වූයේ මෙවන් අදහසක්.


මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සියලු වෙලුම් ඊයේ කතෝලික රදගුරු සම්මේලනය වෙත ලබා දී තිබෙනවා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති හැරල් ඇන්තනී හිමිපාණන් වෙත අදාළ වාර්තාව ඇතුළත් සංයුක්ත තැටි එලෙස ලබා දි ඇති බවයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.