Sunday, May 12, 2024

General line - 0115112241

අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් සමඟ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුලු සිව්දෙනෙක් අත්අඩංගුවට




භූමි අභ්‍යන්තරය පරික්ෂා කරනු ලබන අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් සමඟ මිරිහාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කරදියනාරු, කාරන්කාඩු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

ඛඔඔෑ සංවිධානය විසින් වළදමා ඇති රත්‍රරන් ගොඩ ගැනීමේ අදහසින් එම ස්කෑන් යන්ත්‍රය තබාගන්නට ඇති බවටයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රුවන්වැල්ල, බෙන්තොට සහ සියඹලාපේ උතුර ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කරදියනාරු පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.