Sunday, May 12, 2024

General line - 0115112241

ජුනි මස සිට මෙරට මෙහෙයුම් අරඹන්න අමෙරිකානු ඉන්ධන සමාගමක එකඟතාව




ජුනි මස පළමු සතියේ සිට මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අමෙරිකානු ඉන්ධන සමාගමක් වන ආර්.එම් පාර්ක්ස් ශෙල් සමාගම එකගතාව පළ කර තිබෙනවා. මැයි මාසයේදී ඊට අදාළ ගිවිසුම්වලට අත්සන් කිරීමට එම සමාගම එකගතාව පළ කළ බවයි,

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ. එම සමාගමේ නිලධාරීන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ හමුවක් ඊයේ පැවති බවද අමාත්‍යවරයා පැවසුවා.

එහිදී මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපාර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම එම සමාගමේ තාක්ෂණික නිළධාරීන් පසුගිය සතියේ තොග ගබඩා පර්යන්තයේ සිදු කල සංචාරයේදී ඉන්ධන ගොඩ බෑම පිළිබදවද නිරික්ෂණය කල බවත් අමාත්‍යවරයා සදහන් කළා.

ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය පහසුකම් ඔවුන්ගේ මුල්‍ය ආයෝජනය තුල මැයි මාසයේදී නවීකරණය කිරීමටද ඔවුන් එහිදී සහය පල කළ බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් පැවසුවා.