Monday, May 13, 2024

General line - 0115112241

වෙනත් විකල්පයක් නැහැ - IMF ගිවිසුම අනුමත කරන්නැයි ජනපති මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි




වෙනත් විකල්පයක් ඉදිරිපත්වී නොමැති බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම අනුමත කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ, පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ඉන් අනතුරුව සියලු මන්ත්‍රීවරුන් එක්වී ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට හැකි බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

කෙසේවෙතත් ජනාධිපතිවරයා දැක්වූ කරුණු සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දැක්වූයේ මෙවන් අදහසක්.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම සම්බන්ධයෙන්වූ විවාදයට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, අනුර කුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වුවා. 

මේ, විවාදයට එක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ද විවාදයට එක්වෙමින් අදහස් පළ කළා.