Monday, May 13, 2024

General line - 0115112241

දේශීය ආදායම් පනතට සංශෝධන කිහිපයක්

තිසර සමල් සෝමරත්න




දේශීය පාසැල් බෑග් සහ සපත්තු මිල ගණන් පහත දැමීමට එම නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබෙනවා. ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ එම නිෂ්පාදකයින් අතර මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීයි

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඉහළ ගිය භාණ්ඩ මිල ඩොලරය අවප්‍රමාණයවූ අවස්ථාවේදී යළි පහළ නොගිය බවයි.

මිල අඩු නොකරන්නේ නම් වෙනත් විකල්ප කරා යාමට රජයට සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව දේශීය පාසැල් බෑග් සහ සපත්තු මිල පහත දැමීමට නිෂ්පාදකයින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියට එකඟත්වය පළ කර ඇති අතර අදාළ නිෂ්පාදන අඩුකෙරෙන ප්‍රතිශතය සම්බන්ධයෙන් මැයි 23 වනදා නිළ වශයෙන් දැනුම්දීමට එම නිෂ්පාදකයින් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.  

මේ අතර බදු වපසරිය පුළුල් කිරීමේ අරමුණෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පණතට සුවිශේෂි සංශෝධන කිහිපයක් ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රඳවා ගැනීමේ බදු නිදහස් කිරීම වේගවත් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් ඊට ඇතුළත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මූල්‍ය ගනුදෙනු සිදුවන රාජ්‍ය ආයතනවල ගනුදෙනු ලිඛිතව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීම අනිවාර්ය වන බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ.