Tuesday, May 7, 2024

General line - 0115112241

කෘතීම බුද්ධිය නිසා රැකියා 7,800 අහිමි වෙයි




පරිගණක නිෂ්පාදනය කර ප්‍රධාන සමාගමක් වන IBM ආයතනය සේවකයන් බඳවා ගැනීම අත්හිටුවා තිබෙනවා 

ඒ අනුව රැකියා 7,800 ක් පමණ බඳවා ගැනීම නවත්වා ඇති අතර මේ සඳහා AI හෙවත් කෘතීම බුද්ධිය ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්ටර්නැෂනල් බිස්නස් මැෂින්ස් කෝපරේෂන් හි ප්‍රධාන විධායක අරවින්ද් ක්‍රිෂ්ණා විදෙස් මාධ්‍ය සමඟ කල සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ ඉදිරි වසරවලදී දළ වශයෙන් රැකියා 7,800 ක් පමණ කෘතිම බුද්ධිය මගින් ප්‍රතිස්ථාපනය කළ හැකි බැවින් සමාගම විසින් රැකියාවන් සඳහා බඳවා ගැනීම අත්හිටුවීමට අපේක්ෂා කරන බවයි.