Friday, May 17, 2024

General line - 0115112241

ඉන්දිය ගුවන් මාණ්ඩලික ප්‍රධානියා අගමැති හමුවෙයි




ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද සිදුව තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේදීයි.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහාය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දීය ගුවන් මාණ්ඩලික ප්‍රධානියා වෙත සිය ස්තූතිය පුද කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ.

දෙරටේ ගුවන් හමුදා අතර ඇති සමීප සහයෝගීතාවය සංකේතවත් කිරීමක් ලෙස ත්‍රිකුණාමලයේ ගුවන් හමුදා කඳවුරේ මිත්‍රත්ව ශ්‍රවණාගාරයක් ඉදිකිරිමට ඉන්දියාව කටයුතු කරන බව එයාර් මාර්ෂල් චෞද්රි, අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.