Friday, May 17, 2024

General line - 0115112241

කාර්යසාධක බලකා කිහිපයකට පහසුකම් සැලසීමට ආයතන 54 ක්




ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් සැලසුම් කර තිබෙනවා.

රට තුළ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් එය සිදුකරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා අදාළ ක්‍රියාවලි සරල කිරීම, ගතවන කාලය අඩු කිරීම සහ තොරතුරු පහසුවෙන් ලබා ගැනීම එහි අරමුණ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවා.