Friday, May 17, 2024

General line - 0115112241

ජන්දය කල් දැමීමට එරෙහිව ජාතික ජනබල වේගය ගොනු කළ පෙත්සම් දෙකක් කැඳවීමට දින නියම කරයි




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. ඒ, එම පෙත්සම බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ගාමිණි අමරසේකරගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම සලකා බැලීම සදහා ජුනි මස 09 වනඳා කැඳවන ලෙසයි.

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුවට ඉඩ ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

මේ, එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද සහභාගි වනවා. එම වැඩසටහන රාත්‍රී 7 යි 30 ට සජීවීව ප්‍රචාරය වනවා.