Friday, May 17, 2024

General line - 0115112241

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ගැන ශ්‍රීලනිපය සැකයෙන්




දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව සකස් කර ඇති වැඩපිළිවෙල තුළින් සේවක අර්ථසාධක අරමුදලට බලපෑම් එල්ලවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව කියා සිටියා.

කෙසේවෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අර්ථසාධක අරමුදලට හෝ තැන්පත්කරුවන්ට අවාසිදායක තත්ත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කරන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවා.