Friday, May 17, 2024

General line - 0115112241

විදුලි බිලත් පහත දැමීමට අවධානය




ලබන ජූලි මාසයේදී විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

රජයේ ප්‍රතිපත්තිය සහ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ගත් රජයේ කැබිනට් තීරණයකට අනුව අදාළ සංශෝධන සිදුකරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

අදාළ තීරණවලට අනුව පිරිවැය මත පදනම්වූ මිල සූත්‍රයක් හඳුන්වාදෙනු ඇති. ඒ අනුව සෑම වසරකම ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් පැවසුවේ.