Friday, May 17, 2024

General line - 0115112241

ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි – දෙදෙනෙකු මරුට

ටී කේ මහින්ද




වැලිගම, පැලෑන ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක අද පස්වරුවේ සිදුවු අනතුරකින් පාසැල් සිසුවෙකු ඇතුලු දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාතර සිට නුවර බලා ධාවනය වූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටිමෙන් මෙම අනතුරු සිදුවි ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ තවත් දරුවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ මව ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට හා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රීරෝද රථය පැදවූ 24 හැවිරිදි පුද්ගලයෙක් සහ වයස අවුරුදු 09 ක පාසැල් සිසුවෙක් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.