Friday, May 17, 2024

General line - 0115112241

මේ දවස්වල පැතිරයන වෛරස් ගැන අනාවරණයක්




කොවිඩ් 19 වෛසරය මෙන්ම ඉන්ෆුවෙන්සා වෛසරයද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැතිර යන බැවින් මහජනතාව ඒ පිළිබඳ අවධානයෙන් ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ කොරෝනා ආසාධිතයින් කොතරම් ප්‍රමාණයක් රට තුළ සිටී දැයි හඳුනා ගැනීමට පවා නිසි ක්‍රමවේදයක් මේවනවිට ක්‍රියාත්මක නොවන බවයි. 


ක්ෂේත්‍ර රාජකාරීවල නිරත වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.


ඉකුත් සතියේ දින කිහිපයක් මෙරටින් කොරෝනා ආසාදිතයින් වාර්තාවූ අතර නිසි සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කිරීම මේ අවස්ථාවේ වැදගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.