Thursday, April 25, 2024

General line - 0115112241

පහළොස් දෙනෙකුට දිවි අහිමිවූ මාරක අනතුර 




පුද්ගලයින් 40 දෙනෙකු රැගත් බස් රථයක් පාලමකින් පහලට පෙරලීමෙන් 15 දෙනෙක් මිය ගොස් 25දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා 

ඉන්දියාවේ ඉන්දෝර් ප්‍රදේශය බලා යමින් සිටියදී කර්ගෝන් හි දසාංග ගම්මානයේ පාලමකින් පෙරලි ඇති අතර ප්‍රාදේශීය ගම්වාසීන්ගේ සහාය ඇතිව හදිසි සේවා ගලවා ගැනීම් සිදු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මියගිය අයගේ ඥාතීන්ට සමීපතම රුපියල් ලක්ෂ 2 ක වන්දි මුදලක් සහ තුවාල ලැබූවන්ට රුපියල් 50,000 ක් ලබා දීමට තීරණය කර තිබෙන බවයි