Thursday, March 28, 2024

General line - 0115112241

පාකිස්ථානය ගිනි ගනියි - විරෝධතා අතරතුර 1ක් මරුට, 6කට තුවාල




හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග මේ වනවිට පාකිස්ථානයේ දැවැන්ත විරෝධතා ඇතිවී තිබෙනවා.

ඔහුගේ ආධාරකරුවන් විසින් ඉස්ලාමාබාද් හැර, රාවල්පින්ඩි, ලාහෝර්, කරච්චි, ගුජ්රන්වාලා, ෆයිසලාබාද්, මුල්තාන්, පෙෂාවර් සහ මර්දාන් යන නගරවල විරෝධතා වල නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ කෝපයට පත් විරෝධතාකරුවන් රැලිය අසල නවතා තිබූ පොලිස් වාහන දෙකකට ගිනි තබා ඇති අතර පොලිසිය දෙසට ගල් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු විසින් සිදු කල වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද  ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් රාවල්පින්ඩි හි හමුදා මූලස්ථානයට  මෙන්ම ලාහෝර් හි හමුදා ප්‍රධානියෙකුගේ  නිවසකට ඇතුළු වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

70 හැවිරිදි වියේ පසුවන ඉම්රාන් ඛාන්  ඊයේ  අත්අඩංගුවට ගනු ලැබුවේ නඩුවක විභාගයක් සඳහා ඉස්ලාමාබාද් මහාධිකරණයට ඇතුළු වෙමින් සිටියදී.