Wednesday, April 24, 2024

General line - 0115112241

පාකිස්තානය ඇවිලෙයි - ඉම්රාන් ඛාන් දින 08 ක් රිමාන්ඩ්




පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 08 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා එරට විනිසුරුවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්තාන ආරක්ෂක අංශ මඟින් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි.

ඒ, දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වන නඩු කටයුත්තකට සහභාගිවීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීයි.

එම සිද්ධියත් සමඟ ඔහුගේ ආධාරකරුවන් රට පුරා විරෝධතා මාළාවක් දියත් කර තිබෙනවා.

එම විරෝධතාවලට එක්වූ දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පාකිස්තාන පොලීසිය පවසන්නේ.

විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ප්‍රදේශ කිහිපයකදී දරුණු ගැටුම් ඇතිකරගෙන ඇති අතර එහිදී පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විරෝධතාකරුවන් පොලිස් වාහන 25 කට සහ රජයේ ගොඩනැගිලි 14 කට ගිනි තබා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.