Tuesday, May 21, 2024

General line - 0115112241

රුසියානු තෙල් නිසා ඉන්දියාවට ඩොලර් බිලියන 5ක ලාභයක්




රුසියාවන් ඉන්ධන ආනයනය කිරීම හේතුවෙන් ඉන්දියාව අමෙරිකානු ඩොලර් බිලයන 5ක ලාභයක් උපයා තිබෙනවා.

යුකේරේන ආක්‍රමණයත් සමඟ බොහෝ රටවල් රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම නතර කිරීමට තීරණය කළා.

ඉන් අනතුරුව ඉන්දියාව වැඩි වශයෙන් රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමටයි තීරණය කළේ.

ඉකුත් වසරේදී ඉන්දියාව රුසියාවෙන් ඉන්ධණ ආනයනය කිරීම දස ගුණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. 

ලෝකයේ තුන්වන විශාලතම තෙල් ආනයනකරුවන් වන චීනය සහ ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගත්තේ වට්ටම්ද සහිතවයි.

2021 දී ඉන්දියාව රුසියාවෙන් ආනයනය කළ බොරතෙල් ප්‍රමාණය සියයට 2ක්.

මේවනවිට එය සියයට 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමෙන් බොරතෙල් ටොන් 1කට අමෙරිකානු ඩොලර් 89ක පමණ ලාභයක් උපයා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.