Tuesday, May 21, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස ලැබූ ඉම්රාන් ඛාන් තවමත් පාකිස්තාන ආරක්ෂ අංශ භාරයේ




පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරනු ලැබූ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තවදුරටත් එරට ආරක්ෂක අංශ භාරයේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉම්රාන් ඛාන් ඉකුත්දා අත්අඩංගුවට ගැණුනේ මහාධිකරණයේ පැවැත්වෙන නඩුවක් සඳහා සහභාගී වීමට පැමිණි අවස්ථාවේදීයි. ඒ, දූෂණ චෝදනා මතයි.

කෙසේවෙතත් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර ගිය අතර පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 2,000 ක් අත්අඩංගුවට ගැනීම දක්වා එය වර්ධනය වුණා.

කෙසේවෙතත් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවයි.

කෙසේවෙතත් පවතින ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ඔහු තවදුරටත් ආරක්ෂක අංශ ආරක්ෂාවේ තබන ලෙසටයි අධිකරණය දැනුම්දී ඇත්තේ.

2018 - 2022 කාලයේ පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විශ්වාසභංග යෝජනාවකින් ධූරයෙන් නෙරපා හැරුණා.