Saturday, April 20, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන්ගෙන් පකිස්තානයේ ආරක්ෂක අංශ වෙත කණේ පහරක්




දේශපාලනයට පැනීම සඳහා තමන්ගේම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා ලෙස හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට හමුදාවට උපදෙස් දී තිබෙනවා.

ඔහු ඒ බව පැවසුවේ ඉකුත් දා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව අධිකරණයෙන් නිදහස ලබා යළි නිවසට පැමිණීමෙන් අනතුරුවයි.

සිය පක්ෂය වන ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් විනාශ කිරීමට පාකිස්තාන හමුදාවේ නැගී සිටීම සම්බන්ධයෙන් කෝපයට පත් හිටපු අගමැතිවරයා  සිය දේශනය අතරතුර ”පීටීඅයි විරෝධී ප්‍රතිපත්තිය” සමාලෝචනය කරන ලෙස ද හමුදා නායකත්වයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම තමන් රට නියෝජනය කරමින් රටට ගෞරවයක් අත්කර දෙන අවස්ථාවේදී තමන්ට චෝදනා කරන ඇතැම් පිරිස් ඉපදී හෝ නොමැති බවයි ඉම්රාන් ඛාන් පැවසුවේ.

 එබැවින් තමන්ට කුහකයෙකු හෝ හමුදා විරෝධියෙකු ලෙස පැවසීම සම්බන්ධයෙන් හමුදාව  ලජ්ජා සහගත විය යුතු බවටයි හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා කළේ.