Wednesday, April 24, 2024

General line - 0115112241

රුසියාවට එරෙහිව යුක්රේන ගුවන් භටයින් පුහුණු කිරීමට ප්‍රංශය එකගතාවක




යුක්‍රේනයේ ප්‍රහාරක ගුවන් නියමුවන් පුහුණු කිරීමට තම රට දොරටු විවර කර ඇතැයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් පවසනවා.

යුක්රේනයට ප්‍රහාරක යුද ගුවන් යානා ලබාදීමට බැහැර කළත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කළා.

ප්‍රංශ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි සිය ප්‍රංශ සංචාරයේදී එරට ජනාධිපති එම්මානුවෙන් මැක්රන් හමුවීමෙන් අනතුරුවයි.

රුසියාවට එරෙහිව ප්‍රහාර දියත් කිරීම සඳහා යුක්රේන ප්‍රහාරක ගුවන් නියමුවන් පුහුණු කිරීමට සිය රට මෙන්ම තවත් යුරෝපානු රටවල් කිහිපයක්ම සූදානම් බවත් ප්‍රංශ ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් අමෙරිකාව සමග ද සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවයි.

යුක්රේන ප්‍රහාරක ගුවන් නියමුවන් පුහුණු කිරීමට මේ මොහොතේ සිට ආරම්භ කළ හැකි බව ද ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුර තොරතුරු අනාවරණ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.