Saturday, April 20, 2024

General line - 0115112241

අගවිනිසුරුට එරෙහි යෝජනාවක් පකිස්තාන පාර්ලිමේන්තුවට




පකිස්තානයේ අගවිනිසුරු උමාර් බන්ඩිආල්ට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට පකිස්ථානයේ ජාතික සභාව යෝජනාවක් සම්මත කර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් එරට පාර්ලිමේන්තුව අමතමින් චෝදනා කර ඇත්තේ තම භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව ප්‍රබල පණිවිඩයක් යොමු කළ යුතු බවයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා මෙන්ම පී ටී අයි පක්ෂයේ සභාපතිවරයා ද වන ඉම්රාන් ඛාන්ට එරෙහිව ගොනු කර ඇති දූෂණ නඩු සම්බන්ධයෙන් විනිසුරුවරුන් කොටසක් පෙර නොවූ විරූ ලෙස සහන ලබා දෙන බවටයි පකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවේදී චෝදනා කර ඇත්තේ.  

මේ අතර ඉකුත් දා පකිස්තානය පුරා ඇතිවූ කලහකාරී සිදුවීම් හෙළා දකින බව පකිස්තානයේ විපක්ෂ නායක රාජා රියාස් ද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර තිබෙනවා. රජය සතු දේපළවලට හානි කළ පුද්ගලයින් සතුරන් ලෙයසි ඔහු එහිදී හඳුන්වා දී ඇත්තේ.