Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාවේ ණය අර්බුදය උඩු දුවයි




අමෙරිකාව මේ මොහොතේ සිටින්නේ ණය පැහැර හැරීම වළක්වා ගැනීමේ උත්සහයකයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන් ඊයේ   කොන්ග්‍රස් මණ්ඩලයේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර අමෙරිකාවේ ණය අර්බුදය ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සඳහා ද බලපා ඇතැයි සඳහන්.

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය ඔස්ට්‍රේලියානු සංචාරය අවලංගු කර ඇතැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සඳහන් කළා.

එබැවින් ලබන සතියේ සිඩ්නි හි පැවැත්වීමට නියමිතව තිබූ QUAD නායකයින්ගේ හමුව නොපැවැත්වෙනු ඇති බවයි ඔහු නිවේදනය කළේ.

එහෙත් මීට පෙර සැලසුම් කළ පරිදි ඉන්දීය  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සතියේ සිඩ්නි වෙත පැමිණෙන බව ද ඔහු සඳහන් කළා.

ජපානයේ පැවැත්වෙන G 7 සමුළුවට සමගාමීව QUAD නායකයින් ලබන සතියේ ඔස්ට්‍රේලියාවේදී හමුවීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේවෙතත් සැලසුම් කළ පරිදි ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂීඩා ද ලබන සතියේ ඔස්ට්‍රේලියාවට පැමිණෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු පල කරනවා.

ඔස්ට්‍රේලියාවට පැමිණිමට නොහැකි වුවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ජපානයේ හිරෝෂිමා හි පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.