Monday, May 20, 2024

General line - 0115112241

ජයග්‍රහණයේ පිටුපස තවත් කතාවක්




ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගියදා නිමාවට පත් වූ ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරයත් සමග යළි වඩා වැඩි කතාබහට ලක්වුණා.

සනත් ජයසූරිය, එරික් උපශාන්ත, රොමේෂ් කළුවිතාරන සහ රංජිත් මදුරුසිංහ යන අය තේරීම් කමිටු සාමාජිකයන් වශයෙන් පසුගියදා නිමාවට පත් වූ ටෙස්ට් තරග 3ම නරඹන්නට පැමිණ සිටීමද ජාත්‍යන්තර විචාරකයන් පවා තරගය පැවැත්වෙන අතරවරායේදී ප්‍රශංසාමුඛයෙන් වර්ණනා කළා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පුහුණුවීම් කටයුතුවල නිරතව සිටින අවස්ථාවල තේරීම් කමිටු සාමාජිකයන් පිටියටම පැමිණ ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග අදහස් හුවමාරු කර ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප පවා කැමරාවල සටහන් වී තිබුණා.

ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද තේරීම් කමිටු සාමාජිකයන් වෙත ගොස් ආචාර කරන අයුරු මෙවර දක්නට ලැබීමද විශේෂත්වයක්.

14030845_10210399751976451_2005955496_n