Thursday, April 25, 2024

General line - 0115112241

වැලිකඩ පොලිස් ස්ථානය තුලදී කාන්තාවක් මියයෑමේ සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද




පසුගිය 11 වනදා මෙහෙකාර සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් වැලිකඩ පොලිස් ස්ථානයේදී රෝගී වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද සංවාද ඇති වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.


මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ.


ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඉදිරිපත් කළ ප්‍රශ්ණයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පිළිතුරු ලබාදුන්නා.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර එහිදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ද ඊට මැදිහත් වුණා.


ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද අදහස් පළ කළා.


මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

තවත් පොලිස් කොස්තාපල්වරයෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ස්ථාන මාරු කර ද තිබෙනවා.