Thursday, April 25, 2024

General line - 0115112241

ෂාෆ්ටර්ගේ අවසාන පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව මාස 02ක් තුළ දෙන්න කමිටුවේ අවධානය

ලලිත් චමින්ද




අභිරහස් ලෙස ඝාතනයට ලක්වු ව්‍යාපාරික දිනේෂ් ෂාශ්ටර්ගේ අවසාන පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අධිකරණය වෙත ලබාදිම සදහා මාසයක් හෝ දෙකක පමණ කාලයක් ගතවිය හැකි බව දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සදහා පත්කරණු ලැබු පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය පවසනවා.

එහි සාමාජික කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පැවසුවේ එම සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා ලබාගත් බවයි.

දිනේෂ් ෂාශ්ටර්ගේ මුලික පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ දින අවසන් කෙරුණා. එහිදි වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා සිරුරේ කොටස් ලබාගත් බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේ.

සිරුරෙන් ලබාගත් කොටස්වල පරික්ෂණ කටයුතු සදහා සති දෙකක පමණ කාලයක් ගතවිය හැකි බවද ඔහු කියා සිටියා. ඉදිරි පරික්ෂණ කටයුතු සදහා අවශ්‍ය වුවහොත් දිනේෂ් ෂාශ්ටර්ගේ සිරුරේ කොටස් ලබාගැනිමට සතිදෙකක පමණ කාලයක් මළ සිරුර තබාගන්නා බවත් ඉන්පසු දේහය ඥාතින්ට භාරදිමට කටයුතු කරන බවත්  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළා. 

අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාශ්ටර්ගේ මළ සිරුර ගොඩගැනිමෙන් පසු ඉකුත් 25 දින පස්වරුවේ දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙන එනු ලැබුවා. 

එදින රාත්‍රියේම පශ්චාත් මරණ පරික්ෂණය සදහා පත්කරණු ලැබු පංච පුද්ගල විද්වත් කමිටුව විසින් දිනේෂ් ෂාශ්ටර්ගේ මළ සිරුර සි.ටි ස්කැන් පරික්ෂණයට ලක්කර තිබෙනවා. 

දිනේෂ් ෂාශ්ටර්ගේ දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරනු ලබන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දරණු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වොහාරික වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය අසේල මෙන්ඩිස් විසින්.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි පෙරේරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩි.එච්.එස් ප්‍රනාන්දු, මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.ශිව සුඛමනියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර එම පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වනවා.