Saturday, May 11, 2024

General line - 0115112241

ඉන්දියාවේ අළුත් පාර්ලිමේන්තුව විවෘත වෙයි




ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අද විවෘත කෙරුණා. 

ඒ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්. නව දිල්ලි නුවර ඉදිකර ඇති මහල් 04 කින් සමන්විත ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 970 ක්.

පැරණි පාර්ලිමේන්ු මන්දිරයේ ලෝක් සභාව සඳහා පවතින ආසන 543 ට සාපේක්ෂව නව පාර්ලිමේන්තු සංකීර්ණයේ ලෝක සභාව සඳහා ආසන 888 ක් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම වත්මන් ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභා ආසන 250 ක් පවතින අතර නව පාර්ලිමේන්තුව තුළ එය ආසන 300 ක් දක්වා වැඩි කර තිබෙනවා.