Friday, May 17, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියල්ල සූදානම් - විභාග කොමසාරිස් කියයි




හෙටින් ආරම්භ වන 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් දැනුවත් කිරීම සඳහා වන විශේෂ මාධ්‍ය හමුවක් අද විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා.

ඒ, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ගේ ප්‍රධානත්වයෙන්.

හෙට විභාගයට මුහුණ දෙන දරුවන් මේ මොහොතේ සිදුකළ යුත්තේ විභාග ප්‍රවේශ පත්‍රය සම්පූර්ණ කර ගැනීම ඇතුළු විභාගය සඳහා අවශ්‍ය සියලු දේ සුදානම් ද යන්න තහවුරු කර ගැනීම බවයි විභෘග කොමසාරිස් ජනරාල්වරයා එහිදී සඳහන් කළේ.  


විභාග ශාලාවට රැගෙන යාම තහනම් වන කිසිවක් එහි රැගෙන නොයන ලෙස ද මෙහිදී සිසුන්ගෙන් ඉල්ලීමක් කෙරුණා. 


සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ එළඹෙන පොසොන් පොහොය ද යෙදී ඇති බැවින් ඒ ආසන්න දිනවල අනුරාධපුරය සහ මිහින්තලය යන ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කිරීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට මේවනවිටත් දැනුම් දී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.