Friday, May 17, 2024

General line - 0115112241

යාපනය බන්ධනාගාරයේ රැඳවියෙකු ආරම්භ කළ විරෝධතාව අවසන්




යාපනය බන්ධනාගාරයේ රැඳවියෙකු ආරම්භ කර තිබූ විරෝධතාව අවසන් කර තිබෙනවා.

වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස ඉල්ලමින් එම රැඳවියා එලෙස විරෝධතාවයේ නිරත වූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

අදා රැඳවියා විසින් ඊයේ උදෑසන ආරම්භ කළ විරෝධතාව රාත්‍රිය වනවිට අවසන් කර තිබෙනවා.

ගෙවල් බිඳුම් සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ මෙම රැඳවියා 2040 වසර දක්වා සිරදඬුවම් නියම වී සිටින අයෙකු බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විනය හේතුවක් මත අදාළ රැඳවියා කුරුවිට බන්ධනාගාරයේ සිට යාපනය බන්ධනාගාර වෙත මාරු කර එවා තිබුණා.