Friday, May 17, 2024

General line - 0115112241

රාජ්‍ය නැහැ - ඇත්තේ පොසොන් උත්සවය පමණයි - මිහින්තලේ හිමියන් කියයි

චන්ද්‍ර කුමාර




මෙවර පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් නොවන බවත්, එය පොසොන් උත්සවය ලෙස පමණක් සිදුකරන බවත් මිහින්තලය රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

රාජ්‍ය පොසොන් උත්සවය සඳහා වෙන් කර අනුරාධපුර දිසාපතිවරයා වෙත ලබාදී ඇති මිලියන 03 ක් වන මූල්‍ය ප්‍රතිපාදනය ද පොසොන් උත්සවයේ කටයුතු සඳහා අවශ්‍ය නොවන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. 

දින 03 ක් පුරා පැවැත්වෙන මිහින්තලය පොසොන් උත්සවය සඳහා අවශ්‍ය විදුලි සැපයුම වෙනුවෙන් ධානපතියන්ගේ උපකාර ඇතිව විදුලි ජනන යන්ත්‍ර සපයා ගැනීමට කටයුතු කරන බව ද පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් සඳහන් කළා. 

බුදුදහම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති වගන්ති සංශෝධනය කිරීමට රජය පියවර ගත යුතු බවයි මිහින්තලය රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.