Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකාව ණය අර්බුදයට විසඳුමක් සොයා ගනී




ණය පැහැර හැරීමෙන් වැළකීම සඳහා අමෙරිකාව ප්‍රතිපත්තිමය වශයෙන් එකගතාවකට එළඹ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පැවසුවේ ජනාධිපති ජෝ බයිඩන් හා එරට ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය එක්ව අමෙරිකාවේ ණය සීමාව ඉහල නැංවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඒ සඳහා සම්මුතියක් ඇති කර ගෙන ඇති බවයි.

මෙම ප්‍රතිපත්ති අමෙරිකානු ජනතාවට ඉතා සුදුසු බව අමෙරිකානු කථානායක කෙවින් මැකාති පවසනවා.

කෙසේවෙතත් ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂය මෙලෙස ණය සීමාව ඉහළ නැංවීම සඳහා එකගතාවකට එළඹුනේ සති ගණනාවක් පුරා පැවැති සාකච්ඡාවලින් අනතුරුවයි. එහිදී යෝජනා වී ඇත්තේ අමෙරිකාවේ ණය සීමාව අමෙරිකානු ඩොලර් ටි්‍රලියන 31 යි දශම 4 ක් දක්වා ඉහළ නැංවීමටයි. 

කෙසේවෙතත් එම යෝජනාව අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් අනුමත කළ යුතු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. අමෙරිකාව මුහුණ පා සිටින මූල්‍ය අර්බුදය හමුවේ එරට භාණ්ඩාගාරය අනතුරු අඟවා තිබුණේ ජූනි මස 05 වනදා වනවිට ණය සීමාව ඉහළ නංවා ගැනීමට නොහැකි වුවහොත් භාණ්ඩාරය හිස්වනු ඇති බවයි.