Friday, May 17, 2024

General line - 0115112241

සා පෙළ විභාග මධ්‍යස්ථාන ඩෙංගු ව්‍යාප්තියෙන් තොරව පවත්වාගෙන යාමට විශේෂ වැඩපිළිවෙළක්




2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වන අතර ඒ සඳහා මේවනවිට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි එක් අදියරක් ලෙස විභාග මධ්‍යස්ථාන ඩෙංගු ව්‍යාප්තියෙන් තොර කලාප ලෙස පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අංශ සමග එක්ව කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

හෙටින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීම සඳහා අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

මෙවර විභාගය සඳහා පෙනී සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ද විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.