Friday, May 17, 2024

General line - 0115112241

සද්ධාරත්න හිමියන් අත්අඩංගුවට




ආගමික සහජීවනයට සහ සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනා මත පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ රාත්‍රියේ අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදීයි.

ආගමික සංහිදියාවට සහ බුද්ධශාසනයට හානිකරවන පරිදි කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සමාජයේ කතාබහට ලක්වන විවිධ කරුණු සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරා පූජ්‍ය රාජංගණයේ සද්ධාරතන හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළා.

ඇතැම් අවස්ථාවල අසභ්‍ය වචන භාවිත කිරීම දැකගත හැකි වූ අතර පුද්ගලයින්ට අපහස වන ප්‍රකාශ  සිදුකිරීම සම්බන්ධයෙන් ද චෝදනාවට ලක්ව සිටියා.