Friday, May 17, 2024

General line - 0115112241

සෝභිත හිමි 81 වන ඡන්ම දින සැමරුම අද




අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 81 වන ඡන්ම දින සැමරුම් වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.

ඒ, බත්තරමුල්ල, පාර්ලිමේන්තු පරිශ්‍රය අසල ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව මාවතේ පිහිටි සෝභිත නාහිමි ස්මාරකය අභියසදීයි.

සාධාරණ සාමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධාන කර ඇති එම අවස්ථාවට මහා සංඝ රත්නය මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතයි.  

එම ගුණ සමරු උත්සවයේ විශේෂ දේශණය කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.