Friday, May 17, 2024

General line - 0115112241

පස්වරුවේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි




දිවයිනපුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර  දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදි ද වැසි ඇති බවයි අද උදැසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.