Friday, May 17, 2024

General line - 0115112241

ලක්‍ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට




කොළඹ වරාය පොලිස් වසමේ කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය තුළ රදවා තිබූ බහලුමක් බිද එනසාල් පෙට්ටි 9 ක් සොරකම් කළ සැකකරුවන්  තුන් දෙනෙකු වරාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් සොරාගෙන ඇති එනසාල් තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 25ක් පමණ වන බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් විසින් සොරකම් කරන ලද එනසාල් තොගය පටවා තිබූ කන්ටේනර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉපලෝගම, බණ්ඩාරගම හා නිකදළුපොත ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.