Tuesday, April 23, 2024

General line - 0115112241

ජපානය සිය බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධතිය සීරුවෙන් තබයි




ජපානය සිය බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධතිය සීරුවෙන් තැබීමට තීරණය කර තිබෙනවා. ඒ, මැයි මස 31 සහ ජූනි මස 11 වනදා අතර කාලය තුළ තමන් චන්ද්‍රිකාවක් දියත් කිරීමට සූදානම් වන බවට උතුරු කොරියාව කළ දැනුම් දීමෙන් පසුවයි.

තමන් විසින් නිපදවූ ඔත්තු සෙවීමේ චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් නායක කිම් ජොන් උන්ගේ අවසන් අනුමැතිය  ඊට ලැබී ඇති බවත් උතුරු කොරියාව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ජපානය සැක පළ කරන්නේ එය බැලස්ටික් මිසයිලයක් විය හැකි බවටයි. සිය භූමියට තර්ජනයක් විය හැකි ඕනෑම දෙයක් විනාශ කිරීමට පසුබට නොවන බව ඊට ප්‍රතිචාර දක්වමින් ජපානය ප්‍රකාශ කර තිබෙනවා.