Friday, May 17, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ නිවසක භාණ්ඩ කොල්ල කෑ දෙදෙනෙකු අත්අඩංගුවට




මිනුවන්ගොඩ, ගල්ඔලුව ප්‍රදේශයේ නිවසක දේපළ කොල්ල කෑමකට සම්බන්ධ සැකකරුවන් 03 දෙනෙකු මිනුවන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ඊයේ අළුයම් කාලයේදී අදාළ නිවසේ සිටි පුද්ගලයින් බිය ගන්වා ඔවුන්ගේ අත්පා ගැට ගසා නිවසේ තිබූ රන් භාණ්ඩ ඇතුළු රුපියල් ලක්ෂ 16 කට අධික දේපළ කොල්ල කා ඇති බවටයි පොලීසියට පැමිණිලි ලැබී තිබුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී රන් මාල 01 ක්, රන් පෙන්ඩන්ට් 02 ක්, ලැප්ටොප් පරිගණක 02 ක්, අයිපෑඩ් 01 ක්, ජංගම දුරකථන 03 ක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ජා ඇල, සීදූව හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

එම සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.