Friday, May 17, 2024

General line - 0115112241

චීනය අභ්‍යවකාශ මෙහෙයුමේ තවත් පිම්මක් පනී




චීනය අද සිය අභ්‍යවකාශ මෙහෙයුම් ක්‍රියාවලියේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කළා.

ඒ, සිය ටියැන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගනන ගාමීන් තිදෙනෙකු පිටත් කර හරිමින්.

එලෙස අභ්‍යවකාශ ගමනට එක්වූයේ ද චීන ජාතික ගගනගාමීන් තිදෙනෙක් වනවා.

චීනය අභ්‍යවකාශය වෙත එලෙස ගගනගාමීන් පිටත් කර හැරියේ ද පළමු වරට වීම විශේෂත්වයක්.

එය සැලකෙන්නේ චීනයේ සඳ තරණය කිරීමේ මෙහෙයුමේ එක් පියවරක් ලෙසයි.

මෙම දශකය අවසන්වීමට පෙර සඳ තරණය කිරීම චීනයේ අපේක්ෂාව වී තිබෙනවා. 

චීනයේ ෂෙන්සු 16 නමැති කාර්ය මණ්ඩලය රැගත් ටූ - ත්‍ රොකට්ටුව චීනයේ ජික්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ගමන් ආරම්භ කර තිබෙනවා.

ඒ, එරට වේලාවෙන් අද උදෑසන 9 යි 31 ට පමණයි.

අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක බවත්, ගගනගාමීන් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් චීනය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.