Friday, May 17, 2024

General line - 0115112241

නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට සාකච්ඡා




නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා සිදුකළ ජපානයේ නිල සංචාරයට පෙර මෙම අනුමැතිය ලබාගත් බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ජපන් ආධාර යටතේ ආරම්භ කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කෙරුණා.

ඒ හේතුවෙන් ජපානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති කණස්සලු ස්වභාවය නිවැරදි කිරීමට ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයේදී හැකි වූ බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.  


දකුණු අප්‍රිකාවේ සත්‍ය සහ ප්‍රතිසන්ධානය කොමිසමේ ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගනිමින් මෙරට තුළ සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය ස්ථාපිත කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවකට ද ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.