Friday, May 17, 2024

General line - 0115112241

සමේ ගැටිති රෝගයෙන් වයඹ පළාතේ ගවයින් 2,000 ක් අනතුරේ

අනුර ජයන්ත දිසානායක




ලම්පි ස්කින් ඩිසීසස් හෙවත් සමේ ගැටිති රෝගය වයඹ පළාතේ ගවයින් 2000 කට අධික සංඛ්‍යාවක් අතරේ පැතිර ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි වයඹ පළාත් අධ්‍යක්‍ෂ වෛද්‍ය බී සී එස් පෙරේරා පැවසුවේ වයඹ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 46 න් 33 ක ගවයින් අතර එම රෝගය පැතිර ගොස් ඇති බවයි. 


වයඹ පළාත් ගවයින් අතර 

මේ හේතුවෙන් වයඹ පළාත තුළ හා වයඹ පළාතේ සිට පිට පළාත්වලට ගවයින් ප්‍රවාහන කිරීම තහනම් කර තිබෙනවා.

එම රෝගී තත්ත්වයෙන් පෙළෙන ගවයින්ගේ මස් පරිභෝජනය සෞඛ්‍ය ආරක්ෂිත නොවන බව ද වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.