Friday, May 17, 2024

General line - 0115112241

නව ක්‍රමවේදය නිසා අයථා ලෙස ගමන් බලපත්‍ර සකසා ගැනීමට වැට




ලබන ජූනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය සඳහා ඉහළම තාක්ෂණය යොදා ගෙන ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

එබැවින් එම ක්‍රමවේදය හරහා අයථා ලෙස ගමන් බලපත්‍ර සකසා ගැනීමේ හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ. 


විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයෙකුට ගමන් බලපත්‍රයක් අළුත් කිරීම සඳහා අවශ්‍ය වුවහොත් එය සිදුකළ හැකි ක්‍රමවේදය කුමක්ද? ආගමන විගමන පාලක ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් ද කරුණු දැක්වුවා.