Friday, May 17, 2024

General line - 0115112241

වන අලි පහරදීම්නිසා පැය 24ක් තුල මරණ දෙකක්




වන අලි පහරදීම්වලින් සිදුවූ මරණ 02 ක් ඉකුත් පැය 24 තුළ වාර්තා වී තිබෙනවා.

මැදවච්චිය කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ 73 හැවිරිදි තිදරු පියෙකු මියගොස් ඇත්තේ පැල් රකිමින් සිට අද අළුයම සිය නිවසට පැමිණෙමින් සිටියදීයි. 

මේ අතර ගෝමරන්කඩවල පොලිස් වසමේ කෝනබැඳෝවැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි බක්මීගම අඩම්පනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝමරන්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.