Friday, May 17, 2024

General line - 0115112241

එළවලු මිල අහස උසට නගී - මිල වැඩි වූ කුකුලන්ව ජනතාව එපා කියයි




උඩරට සහ පහතරට එලවළු වල තොග මිල විශාල ලෙස ඉහල ගොස් තිබෙනවා.

ඒ අනුව සෑම එලවළු කිලෝවකම මිල රු 400 – 750 අතර උපරිම සිල්ලර මිලකට අලෙවි වන බවයි වාර්තා වෙන්නේ.

වට්බටු කිලෝවක් රු 600 , පතෝල සහ බණ්ඩක්කා කිලෝවක් රු 450-500 , ගෝවා රු 500 , කැරට් රු 500, බෝංචි රු 600, මාළු මිරිස් රු 750 ඇතුළු අනෙකුත් සැම එලවළු කිලෝවක්ම රු 400 -750 අතර උපරිම සිල්ලර මිලට අලෙවි කරන බවයි වෙලෙදුන් නෙත් නිවුස් වෙත පවසා සිටියේ.

තවද අමු මිරිස් කිලෝවක් රු 500 , නයි මිරිස් රු 1000 වැනි සිල්ලර මිලකට අලෙවි කරන බවත්  ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලේ නොමැති විම හමුවේ මෙසේ එලවළු මිල ඉහල ගොස් එලවළු වෙලදාම සිඝ්‍රයෙන් පහල වැටි ඇති බවයි  ඔවුන් පවසන්නේ. 
 
මේ අතර කුකුල් මස් කිලෝවක් මිල රු 1750 වැනි සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවත් එසේ කුකුල් මස් වල මිල ඉහල යාම හමුවේ කුකුල් මස් අලෙවිය සිඝ්‍රයෙන් පහල බැස ඇති බවයි වෙලෙදුන් නෙත් නිවුස් වෙත පවසා සිටියේ.