Friday, May 17, 2024

General line - 0115112241

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය




මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේ මහජනතාවගේ සමස්ථ යහපැවැත්ම වැඩිදියුණු කිරීම මගින් දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම හා විධිමත් කිරීම එහි අරමුණයි.

ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින්.

යෝජිත කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපතිවරයාගේ නිශ්කාශනය ද ලැබී තිබෙනවා.